Monday, September 20, 2021
Google search engine
Homeදේශීය පුවත්කොරෝනා එන්නත ඉල්ලා වැලිගම උණුසුම් තත්ත්වයක්

කොරෝනා එන්නත ඉල්ලා වැලිගම උණුසුම් තත්ත්වයක්


දහස් ගණනක් වූ කෝලහාල කරුවන් පාලනයට පොලිසිය කැදවයි

වැලිගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයේදී කොවිඩ් එන්නත් ලබාදීම සිදුකරන බවට ලද තොරතුරු මත අද (14 ) දින උදැසන එම ස්ථානය වෙත විශාල පිරිසක් පැමිණිම නිසා නොසන්සුන්කාරී තත්ත්වයක් ඇති වී තිබේ.

වැලිගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාල බල ප්‍රදේශයේ පාතේගම, මිදිගම, මුදුගමුව, මිරිස්ස, කඹුරුගමුව, කප්පරතොට, වලාන, වැලිගම, පැලැන ආදී ප්‍රදේශවල ජනතාව මෙලෙස එම ස්ථානයට පැමිණ තිබේ.

පළමු එන්නත සහ දෙවන එන්නත ලබා ගැනීමට නොහැකි වූ විශාල පිරිසක් මෙලෙස එන්නත් ලබා ගැනීමේ අරමුණෙන් එම ස්ථානය වෙත එක් රොක්ව සිටි අතර එහිදී ජනතාව කියාසිටියේ රට වටේම එන්නත් ලබා දුන්නත් පළමු එන්නතවත් වැලිගම අවට ප්‍රදේශවල බොහෝ පිරිසකට ලබාදී නැති බවයි.

“සම්බන්ධතා තියෙන අය පමනක් එන්නත ගන්නවා. එන්නත ලබා දෙන නිසි වැඩපිළිවෙලක් නෑ. අද එන්නත් දෙනවා කියලා ලැබුණු ආරංචියට තමයි ආවේ. හැමදාම මාධ්‍යයෙන් කියනවා වැලිගම කොවිඩ් රෝගීන් වැඩියි කියලා. ඒත් එන්නත දෙන්න තාම ප්‍රමාදයි” යනුවෙන් ජනතාව පැවසූහ.

මෙම සම්බන්ධයෙන් වැලිගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී ජි. ආර්. ටි. ජයසේකර මහතා මෙසේ පැවසීය.

“වැලිගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයේදී අද දින එන්නත්කරණය සිදු කරනු ලබන්නේ ප්‍රදේශයේ ගැබිණි මව්වරුන්ට සහ සාධාරණීය හේතු මත දෙවන එන්නත ලබා ගැනීමට නොහැකි වූ පිරිස වෙනුවෙන් පමණකයි. මේ ස්ථානයට පැමිණි ජනතාව එන්නත් ලබා ලබාදෙන ලෙස ඉල්ලා සිටියත් එන්නත් ලබාදීමට අවශ්‍ය ප්‍රතිපාදන නෑ”

මෙම ස්ථානය වෙත දහසකට ආසන්න පිරිසක් එක්ව සිටි අතර වැලිගම පොලිසියේ නිලධාරීන් ද ජනතාව පාලනය සදහා එක්ව සිටියහ.

ජයසිරි පේදුරුආරචිචි – මාතර

The post කොරෝනා එන්නත ඉල්ලා වැලිගම උණුසුම් තත්ත්වයක් appeared first on Aruna.


Ada Puwatha

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -
Google search engine

Most Popular

Recent Comments