Monday, September 20, 2021
Google search engine
Homeගොසිප් පුවත්ජාත්‍යන්තරයට පවා උපදෙස් දුන් මාව කොවිඩ් මර්දන කටයුතු සඳහා සම්බන්ධ කරගත්තේ නෑ...

ජාත්‍යන්තරයට පවා උපදෙස් දුන් මාව කොවිඩ් මර්දන කටයුතු සඳහා සම්බන්ධ කරගත්තේ නෑ – ඉතින් ඒකයි මේ රටේ තත්වේ


ජාත්‍යන්තරයට පවා උපදෙස් දුන් තමාව වත්මන් රජය කොවිඩ් වසංගත මර්දන කටයුතු සඳහා අද වනතෙක් සම්බන්ධ කර නොගත් බවට වෛරස රෝග පිළිබඳව මහාචාර්‍ය, පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස විතාරණ මහතා ප්‍රකාශ කළේ ය.

ඔහු මේ බව ප්‍රකාශ කරේ ඇන්ටිජන් කට්ටල ගෙන්වීම පිළිබඳව (12) වෙනිදා පැවති මාධ්‍ය හමුවකදී තම අදහස් දක්වමින්.


ඔහු ඒ පිළිබඳව සඳහන් කරමින් වැඩිදුරටත් පවසා සිටියේ ලෝක සෞඛ්‍ය සංවිධානයේ උපදේශකවරයෙක් ලෙසින් අන් රටවල මෙවැනි තත්වයන් පිළිබඳව කටයුතු කළ ඔහුව වත්මන් රජය විසින් නොසලකා හැර තිබීම කණගාටුවට කරුණක් බවයි.


” මට කණගාටුයි කියන්න, ලෝක සෞඛ්‍ය සංවිධානයේ උපදේශකයෙක් හැටියට වැඩ කරලා, මගේ වෛරස ගැන Phd එක ලන්ඩන් වල කරලා එහෙ වැඩ කරලා, ජපානයේත් වැඩ කරලා, ඕස්ට්‍රේලියාවෙත් වැඩ කරලා, තව වෙන වෙන රටවල වැඩ කරලා තිබියදීත් අද වෙනතුරු ඉහළ මට්ටමේ සාකච්ඡා වලට මාව අද වනතුරු කැඳවලා නැහැ. ” ඔහු ප්‍රකාශ කළේ ය.

එමෙන්ම කොරෝනා මර්ධන කමිටු සඳහා ඔහු හෝ වෙනත් වෛරස විශේෂඥයන්ද සම්බන්ධ කර නොමැති බවත් ඔහු සඳහන් කරන ලදී.

” ඉහළ කොමිටි ඔක්කොම දන්නවා මට මේ සම්බන්ධව විශේෂ දැනුමක් තියෙනවා කියලා. මෙහෙ තව වෛරස විශේෂඥයින් ඉන්නවා, ඒත් ඒ කොමිටි වලට මා තියා ඒ වෙන විශේෂඥයෙක්වත් සම්බන්ධ කරලා නැහැ. ඉතින් ඒකයි මේ රටේ තත්වේ. ” ඔහු සඳහන් කළේ ය.

 


Ada Puwatha

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -
Google search engine

Most Popular

Recent Comments