Friday, October 22, 2021
Google search engine
Homeදේශීය පුවත්රට ෂට්ඩවුන් (Shutdown) කල යුතුයි..- සජිත්

රට ෂට්ඩවුන් (Shutdown) කල යුතුයි..- සජිත්


August 14, 2021 at 10:40 am | lanka C news

රට ෂට්ඩවුන් (Shutdown) කල යුතුයි..- සජිත්

මේ මොහොතේ ප්‍රමුඛතාවය දිය යුත්තේ ජනතාවට ඔක්සිජන්වලට ද ආර්ථිකයටද යන්න රට පාලනය කරන ආණ්ඩුව තීරණය කළ යුතු බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සඳහන් කරයි.

එනිසා තම යෝජනාව වන්නේ ටික කලකට ‘ලොක්ඩවුන්-ෂට්ඩවුන්’ එකකට ගොස් මරණ සංඛ්‍යාව, ආසාදිත සංඛ්‍යාව පාලනය කරගත හැකි තත්ත්වයට රට ගෙන ආ යුතු බවද ඔහු පැවසීය.

මේ මොහොතේ රට වසා දමනවා හැර ජනතාව ජීවත් කිරීමට කිසිදු විකල්පයක් නැති බවද ඔහු සඳහන් කළේය.

මේ මොහොතේ ජනතාවගේ ජීවිතය බේරා ගැනීම කාටත් පැවරී ඇති වගකීම බවත් ආර්ථිකය ගැන ඉන් පසුව සිතිය හැකි බවත් ඔහු පෙන්වා දෙයි.

විපක්ෂ නායකවරයා මේ බව සඳහන් කළේ තිස්සමහාරාම දෙබරවැව ගැමුණුපුර ශ‍්‍රී විශුද්ධාරාම විහාරස්ථානයේ පූජ්‍ය සාලියපුර සුධර්ශන නාහිමියන් සමග අදහස් පල කරමිනි.

1,729 views


Ada Puwatha

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -
Google search engine

Most Popular

Recent Comments