Monday, September 20, 2021
Google search engine
Homeදේශීය පුවත්නොසිතු මොහතක පාර්ලිමේන්තු පරිශ්‍රයේන් මතුවූ කොවිඩ් ආසාදිතයන්

නොසිතු මොහතක පාර්ලිමේන්තු පරිශ්‍රයේන් මතුවූ කොවිඩ් ආසාදිතයන්


පාර්ලිමේන්තු පරිශ්‍රයේ සිදුකළ අහඹු කොවිඩ් පරීක්ෂණයෙන් 12ක් ආසාදිතයින්

අද (17)පෙරවරු 9 සිට මධ්‍යහ්න 12 දක්වා කාලය තුළ පාර්ලිමේන්තු පරිශ්‍රයේදී පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලය, ආරක්ෂක අංශවලට අයත් කාර්යමණ්ඩල සහ පාර්ලිමේන්තු ජනමාධ්‍යවේදීන් අහඹු ක්ෂණික ප්‍රතිදේහ ජනක පරීක්ෂණයට (Random Rapid Antigen Test) භාජනය කර කර තිබේ.

එහිදී දෙසිය හැත්තෑ පස් දෙනෙකු පරික්ෂා කළ අතර, පාර්ලිමේන්තුවේ විවිධ කාර්යාංශවලට අයත් 12 දෙනෙකු කොවිඩ් 19 වෛරසය ආසාදිත බවට අනාවරණය වූ බවයි වේත්‍රධාරි නරේන්ද්‍ර ප්‍රනාන්දු මහතා සඳහන් කළේ.

ආරක්ෂක කැමරා පද්ධතිය මගින් ඔවුන්ගේ ආශ්‍රිතයන් හඳුනාගෙන නිරෝධායනය සඳහා යොමු කිරීමට මෙන්ම, අදාළ අංශ විෂභීජානුහරණය කිරීම සඳහා ද දැනටමත් කටයුතු කර ඇති බව නරේන්ද්‍ර ප්‍රනාන්දු මහතා කියා සිටියා.

ඒ අනුව 2021 අගෝස්තු මස 18 වැනි දින සිට නැවත දැනුම් දෙන තෙක් අවම කාර්ය මණ්ඩලයක් සහිතව පාර්ලිමේන්තුවේ ඉදිරි කටයුතු පවත්වා ගැනීමට තීරණය කර තිබේ.


Ada Puwatha

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -
Google search engine

Most Popular

Recent Comments