Friday, October 22, 2021
Google search engine
Homeදේශීය පුවත්සනීපාරක්ෂක තුවා තුළින් මතුවූ දේ

සනීපාරක්ෂක තුවා තුළින් මතුවූ දේ


කාන්තා අංශයට ආ පාර්සල් 02ක

කළුතර බන්ධනාගාරයේ කාන්තා අංශයට පිටතින් විසිකරන ලද තහනමි ද්‍රව්‍ය ඇතුලත් පාර්සල් 02ක් කාන්තා අංශයේ නිලධාරීන් හා ක්ෂේත්‍ර සේවා නිලධාරීන් විසින් අද සොයා ගෙන තිබේ.

බන්ධනාගාර නිලධාරීන් සදහන් කළේ එම තහනම් ද්‍රව්‍ය ඉතා සුක්ෂම අයුරින් කාන්තාවන් භාවිතා කරන සනිපාරක්ෂක තුවා තුලට ඇතුල් කර බන්ධනාගාරයේ ප්‍රධාන පවුරට ඉහලින් කාන්තා අංශයට විසිකර තිබියදි සොයාගත් බවයි.

මේ ආකාරයෙන් දෛනිකව කලුතර බන්ධනාගාරය තුළට පිටතින් තහනම් ද්‍රව්‍ය ඇතුලත් පාර්සල් විසිකිරීම පිටස්තර පුද්ගලයින් විසින් සිදුකරන බව එම නිලධාරීන් පැවසීය.

බන්ධනාගාර නිලධාරීන්ගේ විමසිලිමත් භාවය නිසා මෙම තහනම් ද්‍රව්‍ය ඇතුලත් පාර්සල් වැඩි ප්‍රමාණයක් නේවාසිකයන් අතට නොයා අත්අඩංගුවට ගැනීමට හැකි වී ඇත.

අද (17) දින අත් අඩංගුවට ගත් පාර්සල් දෙක තුල තිබි ජංගම දුරකතන 03 ක් අත්අඩංගුවට ගත් අතර එම තහනම් ද්‍රව්‍ය ඉදිරි කටයුතු සදහා කලුතර උතුර පොලිස් ස්ථානයට භාරදිමට කටයුතු කර ඇත.

The post සනීපාරක්ෂක තුවා තුළින් මතුවූ දේ appeared first on Aruna.


Ada Puwatha

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -
Google search engine

Most Popular

Recent Comments