Saturday, September 25, 2021
Google search engine
Homeදේශීය පුවත්එන්නත විදින්න සිරින්ජර් ඉන්දියාවෙන් - Aruna

එන්නත විදින්න සිරින්ජර් ඉන්දියාවෙන් – Aruna


ශ්‍රී ලංකාවේ කොවිඩ් එන්නත්කරණ වැඩසටහන වේගවත් කිරීම සඳහා අවශ්‍ය කරන සිරින්ජර් මිලියන 4.5ක් වහාම සැපයීමට ඉන්දියාව පියවර ගෙන ඇත.

ඉදිරි සති තුන ඇතුළත තවත් සිරින්ජර මිලියන 1.7 ක් ශ්‍රී ලංකාවට යැවෙනු ඇති බව මෙම කාර්යය සම්බන්ධීකරණය කරන නවදිල්ලියේ පිහිටි ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය නිවේදනය කරයි.

එන්නත් ලබාදෙන සැලැසුම් අනුව යමින් ලෝකය පුරා සිරින්ජර් භාවිතාව ද දෙගුණ තෙගුණ වී තිබේ. ඉකුත් ජූලි 10 වැනිදා ශ්‍රී ලංකාවට එවූ පළමු සිරින්ජර් තොගයට පසු අවස්ථා හයක දී රාජ්‍ය ඖෂධ සංස්ථාව මෙම මිල දී ගැනීම් කර තිබේ.

ලක්නව් හා හයිටෙක් සිරින්ජර් සමාගම නිපදවන සිරින්ජර් ශ්‍රී ලංකන් ගුවන් සේවයෙන් කොළඹට සැපයෙන බව එම නිවේදනයෙහි තවදුරටත් දැක්වෙයි.


Ada Puwatha

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -
Google search engine

Most Popular

Recent Comments