Saturday, September 25, 2021
Google search engine
Homeදේශීය පුවත්ඔත්තුව නිසා වෙඩි කෑව මොහොමඩ්ට ලක්ෂ 25ක තෑග්ගක්

ඔත්තුව නිසා වෙඩි කෑව මොහොමඩ්ට ලක්ෂ 25ක තෑග්ගක්


බුදු පිළිම රැකුමට පෙරට ආ මුසල්මානුවාට කළගුණ සැලකූ හැටි

මාවනැල්ල බුදු පිළිමවලට හානි කිරීම සම්බන්ධ තොරතුරු සැපයීම නිසා ත්‍රස්තවාදීන්ගේ වෙඩි ප්‍රහාරයට ලක්ව ආබාධිත තත්ත්වයට පත්වූ මොහොමඩ් රසීක් මොහොමඩ් තස්ලින් මහතාට එම තොරතුරු ලබාදීම වෙනුවෙන් රුපියල් ලක්‍ෂ 25ක මුදලක් ශ්‍රී ලංකා පොලීසිය විසින් ලබා දී ඇත.

එම මුදල ඔහු වෙත පිරිනැමීම මහජන ආරක්ෂක අමාත්‍ය විශ්‍රාමික රියර් අද්මිරාල් ආචාර්ය සරත් වීරසේකර මහතා අතින් එම අමාත්‍යාංශයේ දී සිදුකෙරිණි.

මෙම අවස්ථාවට මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් මේජර් ජෙනරාල් ජගත් අල්විස්, පොලිස්පති චන්දන වික්‍රමරත්න යන මහත්වරු ද සහභාගී විය.


Ada Puwatha

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -
Google search engine

Most Popular

Recent Comments