Saturday, September 18, 2021
Google search engine
Homeදේශීය පුවත්ටී.එම්. ඩිල්ෂාන්ගේ කණ්ඩායමට ළහිරු තිරිමාන්න යයි

ටී.එම්. ඩිල්ෂාන්ගේ කණ්ඩායමට ළහිරු තිරිමාන්න යයි


ශ්‍රී ලංකා ක්‍රීඩකයින් කිහිපදෙනෙකු ඔස්ට්‍රේලියාවේ කණ්ඩායමක් ශක්තිමත් කරයි

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩක ළහිරු තිරිමාන්න ඔස්ට්‍රේලියාවේ මල්ග්‍රේව් ක්‍රිකට් සමාජය සමග ගිවිසුම් ගතව තිබේ.

නිවේදනයක් නිකුත් කරමින් මල්ග්‍රේව් ක්‍රිකට් සමාජය දන්වා සිටියේ ළහිරු තිරිමාන්න මේ වන විට ඔස්ට්‍රේලියාවේ රැදී සිටින බවත්, ඔහු ඔස්ට්‍රේලියාවේ රැදී සිටින කාලය තෙක් තම ක්‍රීඩා සමාජය වෙනුවෙන් ක්‍රීඩා කිරීමට ගිවිසුම් ගත වූ බවයි.

 

මල්ග්‍රේව් ක්‍රිකට් සමාජය වික්ටෝරියා ප්‍රාන්තයට අයත් නැගෙනහිර ක්‍රිකට් සංගමයේ 3 වැනි කාණ්ඩයෙන් ක්‍රීඩා කරයි.

එම කාණ්ඩයේ 2021 සහ 2022 තරග වෙනුවෙන් ශ්‍රී ලංකාවේ ක්‍රීඩකයින් කිහිපදෙනෙකුම මේ වන විට එක්ව සිටිති.

ටී.එම්. ඩිල්ෂාන් එම කණ්ඩාමේ නායකයා ලෙස කටයුතු කරනු ලබයි.

ඊට අමතරව මෑතකදී ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමුගත් උපුල් තරංග ද මල්ග්‍රේව් කණ්ඩායම වෙනුවෙන් ක්‍රීඩා කරයි.

මල්ග්‍රේව් ක්‍රිකට් කණ්ඩායමෙ ප්‍රධාන පුහුණුකරු ලෙස සනත් ජයසූරිය මහතා කටයුතු කරන අතර, අනූෂ සමරනායක මහතා සහය පුහුණුකරු ලෙස කටයුතු කරනු ලබයි.


Ada Puwatha

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -
Google search engine

Most Popular

Recent Comments