Friday, October 22, 2021
Google search engine
Homeදේශීය පුවත්මංගල සමරවීර එලොව ගිහින් මෙලොව එයි

මංගල සමරවීර එලොව ගිහින් මෙලොව එයි


මංගලගේ අලුත්ම තත්ත්වය ගැන පුද්ගලික ලේකම් කියන කතාව

කොරෝනා වෛරසය ආසාදිතව කොළඹ ප්‍රතිකාර ලබමින් සිටි හිටපු මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා මිය ගොස් ඇති බවට සාමාජ මාධ්‍ය ඔස්සේ පුවතතක් පැතිර යනවා.

මේ පිළිබඳව අරුණ වෙබ් අඩවිය මංගල සමරවීරගේ පෞද්ගලික ලේකම්වරයාගෙන් කළ විමසීමේදී ඔහු කියා සිටියේ එම පුවත අසත්‍යයක් බවයි. රෝහල් ආරංචිමාර්ගද එම සමාජ මාධ්‍ය පුවත සාවද්‍ය බව තහවුරු කරනවා.

කොරෝනා ආසාදනය වීමෙන් මේ වන විට කොළඹ පෞද්ගලික රෝහලක පතිකාර ලබන සමරවීර මහතා මීට දින 2කට පෙර ඉතා අසාධ්‍ය තත්ත්වයට පත් වූ නමුත් මේ වන විට ඔහු අවදානම් තත්ත්වයෙන් මිදෙමින් සිටින බව පැවසෙනවා.

වෛරසය ආසාදනය වී දින 6ක් ඉක්ම යනතුරුත් සමරවීර මහතාගෙන් රෝග ලක්ෂණ ප්‍රකට වී නොමැත. සෙම් තත්ත්වය උත්සන්න වීම නිසා පසුව ඔහුගේ තත්ත්වය බරපතල වි ඇත.

කෙසේ නමුත් මේ වනවිට ඔහු හිටිය තත්ත්වය හා සසදද්දී සියයට 50ක පමණ ප්‍රගතියක් ඇති බව ලේකම් වරයා ප්‍රකාශ කරයි


Ada Puwatha

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -
Google search engine

Most Popular

Recent Comments