Friday, October 22, 2021
Google search engine
Homeදේශීය පුවත්ලොක්ඩවුන් තත්ත්වයකට පත්වෙන්න ? - Aruna

ලොක්ඩවුන් තත්ත්වයකට පත්වෙන්න ? – Aruna


සමගි ජන බලවේගය ජනතාවගෙන් කළ ඉල්ලීම

වෛද්‍ය උපදෙස් සහ මඟ පෙන්වීම් මත ස්වයං ලොක්ඩවුන් තත්ත්වයකට පත්වන ලෙස සමගි ජන බලවේගයේ සියලු දේශපාලන පක්ෂ ජනතාවගෙන් ඉල්ලීමක් කරයි.

ඒකාබද්ද මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් එම පක්ෂය සඳහන් කර ඇත්තේ, අවම වශයෙන් තීරණාත්මක ඉදිරි දින 10 තුළ එය ක්‍රියාත්මක කරලීමට දායක වන ලෙසය.

ආණ්ඩුවට ජනතාවගේ ජීවිත සුරැකීමට කිසිදු වැඩපිළිවෙලක් හෝ අවශ්‍යතාවයක් නොමැති බව ද එම පක්ෂය සඳහන් කරයි.

සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා සහ එම පක්ෂය සමඟ සන්ධානගත පක්ෂවල නායකයින් වන රවුෆ් හකීම්, මනෝ ගනේෂන් හා අමීර් අලී යන මහත්වරුන්ගේ අත්සනින් යුතුව එම ඒකාබද්ද නිවේදනය නිකුත් කර තිබේ.


Ada Puwatha

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -
Google search engine

Most Popular

Recent Comments