Saturday, September 25, 2021
Google search engine
Homeදේශීය පුවත්121කින් 120ක් පොසිටිව් මෙරටින් ඇහෙන බය හිතෙන කථාව

121කින් 120ක් පොසිටිව් මෙරටින් ඇහෙන බය හිතෙන කථාව


ශ්වසන රෝග ලක්ෂණ සහිත වැඩිහිටියන් අවදානම් ?

පාදුක්ක සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය මගින් ශ්වසන රෝග ලක්ෂණ සහිත රෝගීන් 121 දෙනෙකු පී.සී.ආර්. පරීක්ෂණයන්ට ලක් කිරීමෙන් පසු ඉන් 120 දෙනෙකු ම කොරෝනා වෛරස ආසාදිතයින් බවට තහවුරු වූ බව පාදුක්ක සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී දුමිත්‍ර කහඳගම මහතා සඳහන් කරනවා

වැඩිදුරටත් ඔහු සඳහන් කරන්නේ , පසුගිය අගෝස්තු 16 වන දින සිදු කළ මෙම පරීක්ෂණයට අදාළ පිරිසගේ වාර්තා ඊයේ (අගෝස්තු 17) දින ලැබීමෙන් මේ බව අනාවරණය වූ බවයි

උණ රෝග ලක්ෂණ ඇතිව හෝ නොමැතිව ශ්වසන රෝග ලක්ෂණ සහිත වැඩිහිටියන් පී.සී.ආර්. හෝ රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණයන්ට යොමු විය යුතු බවත් එවැනි රෝග ලක්ෂණ සහිත අය සමාජ වගකීමක් ලෙස සලකා ස්වයං නිරෝධායනය වීම ඉතාමත් සුදුසු බවත් පාදුක්ක සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීවරයා සඳහන් කරනවා

අගෝස්තු 16 වන දිනය තුළ පාදුක්ක සෞඛ්‍ය වෛද්‍ය කාර්යාලය මගින් ශ්වසන රෝග ලක්ෂණ සහිත රෝගීන් 121 දෙනෙකුගේ PCR පරීක්ෂණ සිදු කරනු ලැබුවා.

ඒ සිදු කරනු ලැබූ PCR පරීක්ෂණ 121න් 120ක් ම කොවිඩ් රෝගීන් බවට තහවුරු වෙලා ඒ වාර්තාව ඊයේ (17) දවසේ අපිට ලැබුණා.

විශේෂයෙන් ම වැඩිහිටියන්ට උණ ඇතිව හෝ නැතිව ශ්වසන රෝග ලක්ෂණ තිබේ නම්, ඒ අය බොහෝදුරට කොවිඩ් රෝගයෙන් පෙළෙන අය විය හැකියි.

The post 121කින් 120ක් පොසිටිව් මෙරටින් ඇහෙන බය හිතෙන කථාව appeared first on Aruna.


Ada Puwatha

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -
Google search engine

Most Popular

Recent Comments