Tuesday, September 28, 2021
Google search engine
Homeදේශීය පුවත්ඇවරිවත්ත එන්නත් මධ්‍යස්ථානයට ගුවනින් ආ පිරිසක් පහර දෙයි

ඇවරිවත්ත එන්නත් මධ්‍යස්ථානයට ගුවනින් ආ පිරිසක් පහර දෙයි


එන්නත ගන්නන ආ 4000ක් පමණ ජනතාව හා දොස්තරවරු හිස් ලූ ලූ අත දිව යති

කටුනායක , ඇවරිවත්ත, සුමිත්‍රාරාම විහාරථානයේ ඊයේ (18) පැවැති කොරෝනා ප්‍රතිශක්තිකරණ එන්නත් මධ්‍යස්ථානයට, දහවල් 11.30 ට පමණ බඹර ප්‍රහාරයක් එල්ල වී තිබේ.

ඒ වනවිට එන්නත් ලබා ගැනීම සඳහා පෝලිම් 02 ක , ප්‍රදේශවාසීන් 4,000 ක් පමණ රැඳී සිට තිබේ.

විහාරථානයේ පවතින හිටි පිළිම වහන්සේගේ ආරක්ෂාව සඳහා තනා ඇති, ආවරණ මන්දිරය තුළ මෙම බඹර වද දෙක බැඳ තිබේ. ඒ අසල කුණු ගොඩවල් දෙකක් ගිනි තබා තිබූ අතර , එයින් දුමාරයක් ද පිටවෙමින් තිබුණි.

එමෙන්ම එන්නත් ලබා ගැනීමට පැමිණි, ප්‍රදේශවාසීන්ගේ කටහඬ ද, මෙම බඹර වද ඇවිස්සීමට හේතු වන්නට ඇති බව , එන්නත් ලබා ගැනීමට පැමිණි අය පැවසූහ.

මෙම බඹර ප්‍රහාරය එල්ල වනවාත් සමගම, එන්නත් ලබා ගැනීමට පෝලිම් තුළ රැඳී සිටි පිරිස සහ එන්නත් ලබා දෙමින් සිටි නිලධාරීන් පිරිස ද, තම ආරක්ෂාව පතා හිස් ලූ ලූ අත දිව ගොස් තිබුණි.

පසුව කටුනායක පොලීසියේ නිලධාරීන් , එම ස්ථානයට පැමිණ, තත්වය පාලනය කිරීමෙන් පසුව, යළිත් දහවල් 12.00 ට පමණ එන්නත්කරණ වැඩසටහන ආරම්භ කර තිබුණි.

මෙහිදී බඹර ප්‍රහාරයට ලක් වූ කීප දෙනෙකු, වැඩිදුර වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමු කර තිබේ.

ටී.කේ.ජී.කපිල – කටුනායක


Ada Puwatha

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -
Google search engine

Most Popular

Recent Comments