Tuesday, September 28, 2021
Google search engine
Homeදේශීය පුවත්කණ්ඩායම් 9කට පළාත් අතර ගමන් කිරීමට අවසර

කණ්ඩායම් 9කට පළාත් අතර ගමන් කිරීමට අවසර


(සුජිත් හේවාජුලිගේ )
පළාත් අතර අතර   ගමන් කිරීමට අවසර ලැබෙන කණ්ඩායම්  9  ක්  සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් අද (19) ප්‍රකාශයට පත් කරනු ලැබීය.

මේ අනුව පළාත් අතර ගමන් කිරීමට මෙසේ අවසර ලැබෙනුයේ  සෞඛ්‍ය සේවා, පොලිසිය, ත්‍රිවිධ හමුදාව , රාජ්‍ය නිලධාරීන් අත්‍යවශ්‍ය නිල චාරිකාවල නිරත වන්නන්, අත්‍යවශ්‍ය භාණ්ඩ බෙදා හරින්නන්, උපයෝගීතා සේවාවල නිරතවන්නන්, පවුලේ සමීපතම මරණයක් සඳහා ගමන් කරන පුද්ගලයන්  සහ වරාය හා ගුවන් තොටුපොළ  සඳහා ගමන් කරන්නන්  යන කණ්ඩායම්වලටය.

මේ පිරිස්වලට ලබන 31වැනිදා දක්වා පළාත් අතර ගමන් කිරීමට මේ අනුව අවසර හිමිවනු ඇත. පවුලේ සමීපතම පුද්ගලයකුගේ මරණයක් සඳහා ගමන් කරන පුද්ගලයන් සහ  වරාය ඔහු ගුවන්තොටුපොළ සඳහා යන පුද්ගලයන්  ඒ සඳහා සාක්ෂි ලියකියවිලි ඉදිරිපත් කළ යුතු බව  සෞඛ්‍ය අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයක සඳහන් වේ.

රජය මෙම කණ්ඩායම්වලට පළාත් අතර ගමන් කිරීමට අවසර ලබාදී ඇත්තේ  මහජන සේවා යථා පරිදි පවත්වාගෙන යෑම සඳහාය.

 

 


Ada Puwatha

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -
Google search engine

Most Popular

Recent Comments