Saturday, September 18, 2021
Google search engine
Homeදේශීය පුවත්කොළඹ අත්‍යාවශ්‍ය නොවන වෙළෙද සහ ව්‍යාපාරික ස්ථාන ටික දිනකට වහන්න

කොළඹ අත්‍යාවශ්‍ය නොවන වෙළෙද සහ ව්‍යාපාරික ස්ථාන ටික දිනකට වහන්න


කොළඹින් වාර්තාවන ආසාදිතයින්ගෙන් සියයට 98ක්ම ඩෙල්ටා රෝගීන්

සති හතරක කාලයක් සංචරණය දැඩිව පාලනය කළහොත් දිනකට වාර්තා වන ආසාදිතයින් සහ කොවිඩ් මරණ ගණන අඩු කර ගත හැකි බවට විශේෂඥයින් පෙන්වා දෙන බව කොළඹ නගරාධිපතිනි රෝසි සේනානායක මහත්මිය පවසයි.

එමෙන්ම දැඩිසත්කාර ඒකක අවශ්‍ය වන පිරිසත් දිනකට 25ක් දක්වා අඩුකර ගත හැකිවන බවත් 2022 ජනවාරි මස වන විට සිදුවන මරණ ගණන 18000 ක් වළක්වා ගත හැකි බව නිවේදනයක් නිකුත් කරමින් කොළඹ නගරාධිපතිනිය සදහන් කරයි.

එම නිවේදනය මගින් රෝසි සේනානායක මහත්මිය වැඩිදුරටත් මෙලෙස සදහන් කර තිබේ.

අත්‍යාවශ්‍යම දෙයකට හැර කොළඹට එන්න එපා. එනවානම් වරක්, දෙවකර නොවෙයි කිහිප වතාවක්ම හිතන්න මට මේ ගමන නොගිහින් ඉන්නම බැරිද කියලා.

මම අපේ කොළඹ නගරයේ සිටින ව්‍යාපාරික ප්‍රජාවගෙන් ඉල්ලා සිටිනවා ඖෂධහල්, ආහාර අලෙවි සැල් හැර අනෙක් සියලුම අත්‍යාවශ්‍ය නොවන වෙළෙද සහ ව්‍යාපාරික ස්ථාන තාවකාලිකව ටික දිනකට වහන්න කියා.


Ada Puwatha

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -
Google search engine

Most Popular

Recent Comments