Friday, September 24, 2021
Google search engine
Homeදේශීය පුවත්මිල වැඩි කරන්න සිමෙන්ති හංගයි

මිල වැඩි කරන්න සිමෙන්ති හංගයි


ගොඩනැගිලි ඉදි කිරීම් නවතී

දිවයින පුරා සිමෙන්ති හිඟයක් පවතින බව ගොඩනැගිලි ද්‍රව්‍ය වෙළෙඳසල් හිමියෝ පවසති.

සිමෙන්ති හිඟය හේතුවෙන් ඉදිකිරීම්කරුවන් මෙන්ම නව නිවෙස් හා ගොඩනැගිලි හිමිකරුවන්ද දැඩි අසීරුතාවට පත්ව සිටිති.

සිමෙන්ති නිෂ්පාදන සමාගම් දෛනික සිමෙන්ති අවශ්‍යතාවයෙන් අඩක්වත් වෙළෙඳපොළට නිකුත් නොකිරීම නිසා මෙම හිඟය උද්ගතව තිබෙන බව ගොඩනැගිලි ද්‍රව්‍ය අලෙවිසල් හිමියෝ සඳහන් කරති.

සිමෙන්ති මිල ඉදිරියේ දී වැඩි කිරීම සඳහා සිමෙන්ති සමාගම් සාකච්ඡා කරමින් පවතින බවත් මේ හේතුවෙන් එම සමාගම් සිමෙන්ති සැපයීම අඩුකර ඇති බවත් වෙළෙන්දෝ කියා සිටිති.

සාලිය කුමාර ගුණසේකර, ජයන්ත ගුණවර්ධන-ඌරුබොක්ක


Ada Puwatha

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -
Google search engine

Most Popular

Recent Comments