Monday, October 18, 2021
Google search engine
Homeදේශීය පුවත්සති දෙකක කාලයක් ඇඳිරි නීතිය පනවන්න

සති දෙකක කාලයක් ඇඳිරි නීතිය පනවන්න


රට වහන ඉල්ලීම ගැන සුබවාදීව හිතන්න

රට වසා දමන ලෙසට කරන ඉල්ලීම් සම්බන්ධයෙන් සාධනීයව කල්පනා කර බලන ලෙස යළිත් වරක් රජයෙන් ඉල්ලා සිටින බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහලේකම්, රාජ්‍ය ඇමැති දයාසිරි ජයසේකර පවසයි.

සති දෙකක කාලයක් ඇඳිරි නීතිය පනවා රට වසා දැමුවහොත් වයිරස ව්‍යාප්ති චක්‍රය වෙනස් කළ හැකි වනු ඇතැයි විශ්වාස කරන බවත් ඒ මහතා කීවේය.

මහලේකම්වරයා මේ බව සඳහන් කළේ කොළඹ, ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේ ඊයේ (18 වැනිදා) පැවති මාධ්‍ය හමුවේ දී ය. එසේ වුවහොත් ඉහළ යන මරණ සංඛ්‍යාව මෙන් ම ආසාදිතයන්ගේ සංඛ්‍යාව ද පාලනය කිරීමට හැකි වනු ඇති බව කී ඒ මහතා රට වසා දමන ලෙස සියලුම දේශපාලන පක්ෂ ඇතුළු විශාල පිරිසක් දිගින් දිගටම ඉල්ලීම් කරන්නේ මේ චක්‍රය වෙනස් කිරීමේ අවශ්‍යතාව මත යැයි ද මේ අවස්ථාවේ දී ආණ්ඩුව සියලුම වෛද්‍ය විශේෂඥයන්ගේ, සෞඛ්‍ය බලධාරීන්ගේ උපදෙස් මත ක්‍රියාකළ යුතු යැයි ද පැවසීය.

මේ මොහොතේ තීරණ ගත යුත්තේ දේශපාලකයන් නොවේ. පවතින තත්ත්වය පිළිබඳව අවධානය යොමු කරන ලෙස රජයෙන් ඉල්ලා සිටිනවා. කවර තත්ත්වයක් යටතේ වුව ආර්ථිකය කෙරෙහි ද දැඩි අවධානය යොමු කළ යුතුව තිබෙනවා යැයි මහලේකම්වරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

නිලන්ත මදුරාවල


Ada Puwatha

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -
Google search engine

Most Popular

Recent Comments