Friday, September 24, 2021
Google search engine
Homeදේශීය පුවත්ස්වයං ලොක් ඩව්න් එකකට යන්නැයි හමුදාපති ඉඟි කරයි

ස්වයං ලොක් ඩව්න් එකකට යන්නැයි හමුදාපති ඉඟි කරයි


කඩ වහන වෙළෙන්දන්ට හමුදාපති දිරි දෙයි

කොවිඩ් ව්‍යාප්තිය පාලනයට වෙළෙඳසල් හිමියන් වෙළෙඳසල් වසමින් කටයුතු කිරීම ගැන ඔවුනට ප්‍රශංසාව පුද කරන බව කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

යුද හමුදාපතිවරයා සදහන් කළේ විවිධ නගරවල වෙළෙඳසල් ස්වෙච්ඡාවෙන් වසාදැමුව ද ජනතාව වෙනත් ප්‍රදේශවල වෙළෙඳසල්වලට ගොස් භාණ්ඩ මිලදී ගන්නේ නම් එම වැඩපිළිවෙළ ප්‍රායෝගික නොවන බවයි.

ජනතාව තම තමන්ගේ ප්‍රදේශ වල ආරක්ෂාව ගැන සිතා එවැනි ක්‍රියාමාර්ග වලට යොමුවීම ඉතා වැදගත් බව ද යුද හමුදාපතිවරයා පැවසීය.

විශාල ව්‍යාපාර එවැනි ක්‍රියාමාර්ග වලට එළඹුන ද කුඩා ව්‍යාපාර කරමින් ජීවත් වන ජනතාව ගැනද මේ මොහොතේ කල්පනා කළ යුතු බව යුද හමුදාපතිවරයා සදහන් කරයි.

එම වැඩපිළිවෙළ ජනතාව අපහසුතාවයට පත් නොවන ආකාරයට සිදුකරන්නේ නම් යහපත් වනු ඇති බව ද යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවසීය.


Ada Puwatha

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -
Google search engine

Most Popular

Recent Comments