Friday, October 22, 2021
Google search engine
Homeගොසිප් පුවත්ජපානයට නඩු කියූ ශ්‍රී ලාංකිකයින් දෙදෙනා - කෝටි 16ක් හොයාගෙන ලංකාවට

ජපානයට නඩු කියූ ශ්‍රී ලාංකිකයින් දෙදෙනා – කෝටි 16ක් හොයාගෙන ලංකාවට


ශ්‍රී ලාංකිකයන් දෙදෙනකු පිටුවහල් කිරීම ව්‍යවස්ථා විරෝධී බවට තීරණය කළ ජපානයේ තෝකියෝ මහාධිකරණය එම දෙදෙනාට පවුම් ලක්ෂ හයක වන්දියක් ගෙවන ලෙස ද නියෝග කර තිබේ.

මෙම තීන්දුව ලබාදී ඇත්තේ පෙරේදා (22 වැනිදා)ය. එරටින් පිටුවහල් කිරීමට එරෙහිව මෙම ශ්‍රී ලාංකිකයන් දෙදෙනා පවුම් මිලියන 10 ක වන්දි මුදලක් ඉල්ලා ජපන් රජයට එරෙහිව නඩු පවරා තිබිණි.සරණාගතභාවය අහිමි වීමෙන් පසු නීතිමය පියවර ගැනීමට ප්‍රමාණවත් කාලයක් ලබානොදී තමන් පිටුවහල් කළ බව කියමින් මෙම ශ්‍රී ලාංකිකයන් දෙදෙනා නඩුව ගොනු කර ඇත.

මෙහිදී විනිසුරු පවසා ඇත්තේ ආගමන විගමන බලධාරීන් ජපානයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 32 වගන්තිය යටතේ සහතික කර ඇති පරිදි නඩු විභාග කිරීමේ අයිතිය උල්ලංඝනය කළ බවයි.ඔවුන් එම කාරණය සම්බන්ධයෙන් කටයුතු කළ ආකාරය රාජ්‍ය ‘හන් නීතියට’ පටහැනි බවද විනිසුරුවරයා පවසා තිබේ.

විදේශීය ජාතිකයෙකු පිටුවහල් කිරීම ව්‍යවස්ථා විරෝධී බවට ජපාන අධිකරණයක් තීන්දුවක් ලබා දුන් පළමු අවස්ථාව මෙය බව ජපාන ජනමාධ්‍ය වාර්තා කරයි.


Ada Puwatha

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -
Google search engine

Most Popular

Recent Comments